COVID-19 වෛරසය පිලිබඳ ගැබිණි කාන්තාවන්, මව්කිරි දෙන මව්වරුන් හා දෙමව්පියන් දැනගත යුතු කරුණු

COVID-19 වෛරසය පිලිබඳ දැනගත යුතු කරුණු

Breastfeeding mother
UNICEF Sri Lanka

2019 කොරෝනාවෛරසය (COVID-19) යන රෝගය ලංකාව ඇතුළු ලෝකය පුරා මිනිසුන් දහස් ගණනකට අධිකව බලපා ඇත. දෙමව්පියන් හෝ මවක් වෙන්න ඉන්න කෙනෙක් වශයෙන් මේ වෛරසය ගැන ඔබ වද වීම සාමන්‍ය දෙයකි. එනමුත්, ගැබිණි කාන්තාවක්, දෙමව්පියෙක් හෝ මව්කිරි දෙන මවක් වශයෙන් COVID-19 වෛරසය පිලිබඳව ඔබේ දැනුම වැඩිදියුණු කරගැනීමෙන්, එහි ව්‍යාප්තිය ගැන ඔබේ සිත තුළ ඇතිවෙන බිය හා කලබලකාරී තත්වය ඔබට වළක්වාගැනීමට හෝ පාලනය කරගැනීමට හැක.

කොරෝනාවෛරස් යනු කුමක්ද? COVID-19 වෛරසය යනු කුමක්ද?

කොරෝනාවෛරස් යනු එක් විශාල වෛරස් ගණයකට අයත් වෛරසයකි. සාමන්‍යයෙන් මෙම වෛරසයෙන් බලපෑමට ලක් වන පුද්ගලයින්ට සෑදෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගයකි. එනමුත්, සමහර අවස්ථාවන්හී දී, Severe Acute Respiratory Syndrome (SARS-CoV) හා Middle East Respiratory Syndrome (MERS-CoV) වැනි වඩා බරපතළ රෝග ද සෑදිය හැක. මේ කාලයේදී ඇතිවී ඇත්තේ නව කොරෝනාවෛරසය (හෙවත් වෛරසයේ නව වික්‍රියාවක්ය) - COVID-19.

ලෝකය පුරා එය ඉතා සීඝ්‍රයෙන් පැතිර යෑම හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් COVID-19 වෛරසය වසංගතයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ රෝගය මාරාන්තික බවට ඇඟවීමක් නොවන අතර , ඒ වෙනුවට එහි භූගෝලීය ව්‍යාප්තිය බව හොඳින් මතක තබා ගන්න.

කොරෝනාවෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේද?

මෙම වෛරසය ව්‍යාප්ත වන්නේ, අසාදිත පුද්ගලයෙකුගේ ශ්වසන ජල බිඳිති සමග සෘජු සම්බන්ධතාවයක් ඇති වීමකින් (කිඹුහුම් යවන විට හෝ කහින විට) පමණි. වෛරසයෙන් කිළුටු වී ඇති මතුපිටයන් ස්පර්ශ කිරීමෙන් වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. සමහර මතුපිටයන් මත වෛරසයට පැය කිහිපයක කාලයක් දක්වා පැවතිය හැකි අතර, විෂබීජනාශක මගින් එය විනාශ කළ හැකිය.

COVID-19 වෛරසයෙහි රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ නම්,

  • උණ
  • කැස්ස
  • උගුර වණවීම
  • හුස්ම ගැනීමේ අපහසුතාවය (හුස්ම හිරවීම)
COVID-19 වෛරසය වළක්වා ගන්නේ කෙසේද?

නිරන්තරයෙන් නිවැරදි ආකාරයට දෑත් සේදීම, වෛරසය විනාශ කිරීමට වඩාත් ඵලදායී ක්‍රමයකි. නිසි ශ්වසන සනීපාරක්ෂාව (කිඹුහුම් යනවිට හෝ කහින විට තම කට හා නාසය වැසීමට තම වැල්මිට හෝ ටිෂූ කැබැල්ලක් භාවිතා කිරීම, භාවිතා කළ එම ටිෂූ කැබැල්ල එවිටම අහක් කිරීම) මගින් රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගත හැක.

මේ කාලයේදී ඔබ විසින් සමාජ රැස්වීම් වළක්වා ගත යුතු වේ. තම පවුලේ සාමාජිකයන්ට අමතරව පිට පුද්ගලයින් සමග ඇසුරු කිරීමට අවශ්‍ය අවස්ථාවක, කරුණාකර සමාජ දුරස්ථභාවය අනුගමනය කරන්න. මෙයින් අදහස් කරන්නේ, ඔබ අවට සිටින පුද්ගලයින් සමඟ අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවේ COVID-19 වෛරසයේ තත්වය

ශ්‍රී ලංකාවේ පළමු COVID-19 වෛරස් රෝගියා ජනවාරි මස අනාවරණය විය. එදා පටන්, මෙම රෝගයේ රෝගීන් අධික ලෙස වාර්තා වන බවක් පෙනී යයි. ඒ අතරම, රජය විසින් මෙහි ව්‍යාප්තිය මර්දනය කිරීමට බෝහෝ ක්‍රියාමාර්ග ගෙන ඇත. එවා නම්, සමාජ දුරස්ථභාවය හා නිවැරදි ක්‍රමයට දෑත් සෝදාගැනීම වැනි රෝගය වළක්වාගන්නා ක්‍රම පිලිබඳ පොදුජනතාව දැනුවත් කිරීමයි.

එනමුත්, ගැබිණි කාන්තාවන්, දෙමව්පියන් හා මව්කිරි දෙන මව්වරුන් ට ඔවුන්ගේ සිත් තුළ මේ COVID-19 වෛරසය පිලිබඳ සමහර ප්‍රශ්න හා ගැටළු තිබෙන්නට පුළුවන් ය.

ගැබිණි කාන්තාවන්

COVID-19 වෛරසය සෑදීමේ වැඩි අවදානමක් මට තිබේද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සාමන්‍ය ජනගහණය සමග සසඳන විට ගැබිණි කාන්තාවන්ට මෙම රෝගය සෑදීමේ වැඩි අවදානමක් ඇති බවට කිසිඳු සාක්ෂියක් නොමැත. එනමුත්, ගැබිණි කාළය තුළ කාන්තාවකගේ ප්‍රතීශක්තීකරණ පද්ධතිය බොහෝ වෙනස්වීම් වලට භාජනය වේ. එම නිසා, ඇය විසින්, COVID-19 වෛරසය ඇතුළු අනෙකුත් රෝග ඇතිවීමෙන් තමන් ආරක්ෂා කරගැනීමට නිසි පියවර ගැනීම ඉතාමත් වැදගත්‍ ය.

මෙම ව්‍යාප්තිය අතරතුර මාගේ මහජන සෞඛ්‍ය වින්නඹුමාතාව (PHM) මාව හුමුවීමට පැමිණේද?

ඔව්, තිබෙන්නාවූ කාර්යසටහනෙහි හා ජාතික නිර්දේශයන්හි සඳහන් පරිදි, ඔබේ මහජන සෞඛ්‍ය වින්නඹුමාතාව (PHM) ඔබ හමුවීමට පැමිණේ .

මම මේ කාලයේදිත් වෛද්‍ය සායනයට යා යුතුද?

සෞඛ්‍ය සේවා අමාත්‍යංශයට හා දේශීය වෛද්‍ය සේවාවන්ට අනුව, දරු ප්‍රසූතියට පෙර සායනික ප්‍රතිකාර පහත පරිදි සීමා කර ඇත:

  • අළුතින් ලියාපදිංචි වී ඇති ගැබිණි කාන්තාවන්
  • සති 32ට වැඩි ගැබිණි කාන්තාවන්
  • පහත තත්වයන්ගෙන් පෙළෙන සති 32ට වැඩි ගැබිණි කාන්තාවන්: දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයේ රෝග, ශ්වසන අබාධ, මානසික සෞඛ්‍ය ගැටළු ඇතුළු ගැබිණි සංකූලතා පිළිබඳ පෙර හෝ වර්තමාන ඉතිහාසයක් ඇති කානතාවන්

මෙසේ යෑමේදී, ඔබ වටා සිටිනා අනෙකුත් පුද්ගලයින් සමග ඔබ අවම වශයෙන් මීටරයක දුරක්වත් පවත්වාගත යුතුයි. ඔබත් සමග සායනයට යන පිරිසද ඔබ අවම කරගත යුතුයි, එක් පුද්ගලයෙකු නම් වඩාත් සුදුසුයි. ඔබ නැවත නිවසට පැමිණී වහාම, ඔබේ දෑත් සබන් දමා හොඳින් සෝදා ගන්න. ඉන් පසු නා ඔබේ ඇඳුම් මාරු කරගන්න.

ගැබිණියක්ව සිටින අතරතුර මට COVID-19 වෛරස් රෝගය සෑදුනොත් වෙන්නේ කුමක්ද?

උණ, හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි රෝග ලක්ෂණ ඔබ පෙන්නුම් කරන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයි. එමෙන්ම ඔබේ මහජන සෞඛ්‍ය වින්නඹුමාතාවටද (PHM) / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයාටද (MOOH) ප්‍රමාදයකින් තොරව දැනුම් දිය යුතුයි. මින්පසුව ඔබව ආසන්නම විශේෂිත රෝහළ වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරේ.

මාගේ නූපන් දරුවාට මගෙන් රෝගය බෝවිය හැකිද?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මෙය තහවුරු කිරීමට කිසිඳු සාක්ෂියක් නොමැති බව පැවසේ.

මට COVID-19 වෛරස් රෝගය සෑදුනොත් දරුවා බ්හිකිරීමට මට සිසේරියන් සැත්කමක් කිරීමට සිදුවේද?

වෛද්‍යමය වශයෙන් අවශ්‍ය නොවේ නම්, සැත්කමක් කිරීමට අවශ්‍ය නැත.

මාගේ ගැබිණි සමයේ මාවත් දරුවාවත් මා අරක්ෂාකාරීව තබාගන්නේ කෙසේද?

  • පොදු රැස්වීම් හා පොදු ප්‍රවාහන මගහරින්න
  • වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හැර වෙන කිසිම හේතුවක් මත නිවසින් පිට නොවන්න. නිවස තුළම සිටින්න
  • ගැබිණි කාලය සති 32 ඉක්මවූ පසු දරුවා පයින් ගැසීමේ වාර ගණන සඳහන් කර එක් සටහනක් තබාගන්න.
  • නිරන්තරයෙන් ඔබේ දෑත් සබන් දමා හොඳින් සෝදා ගන්න.
මව්කිරි දෙන මව්වරුන්

මම මවිකිරි දීම නැවැත්විය යුතුද?

ඔබ නොකඩවා දිගටම මව්කිරි පෙවීම කරගෙන යා යුතුයි. ඔබේ මව්කිරි මගින් දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදුරටත් ශක්තිමත් වේ. එමන්ම දරුවා ලෙඩරෝග වලින් ආරක්ෂා කෙරේ.

මට COVID-19 වෛරස් රෝගය සෑදුනොත් දරුවාට මම කිරි පොවන්නේ කෙසේද?

දොවන ලද ඔබේ මව්කිරි වලින් දරුවාට ඒ කාලයේදීත් මව්කිරිවල ගුණය හා පෝෂණය ලබාගත හැක. එනමුත් ඔබ දරුවාගේ බෝතල් හෝ ඔබේ කිරි දොවන යන්ත්‍රයෙහි කොටස් ස්පර්ශ කිරීමට පෙර ඔබේ දෑත් නිසි ලෙස සනීපාරක්ෂක කිරීම වැදගත් ය. සුවපත් කෙනෙකු විසින් ඔබේ දරුවාට දොවන ලද කිරි පෙවීම වඩාත් සුදුසු වේ.

මාගේ මව්කිරි තුළින් දරුවාට වෛරසය ව්‍යාප්ත විය හැකිද?

COVID-19 හා SARS යන වෛරසයන් සෑදුණු කාන්තාවන් කිහිපදෙනකු යොදා කරන ලද අධ්‍යනයකදී, ඔවුන්ගේ මව්කිරි සාම්පලයන්හි වෛරසය අනාවරණය නොවීය.

මෙය වළක්වා ගැනීමට මා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද?

  • ඔබේ දරුවාට මව්කිරි පෙවීමට පෙර හා මව්කිරි දොවන යන්ත්‍රය භාවිතා කිරීමට පෙර ඔබේ දෑත් සබන් දමා හොඳින් සෝදා ගන්න.
  • ඔබේ අළුත උපන් දරුවාට කිරි පෙවීමේදි ඔබ මුහුණු ආවරණයක් පළඳින්න.
දෙමව්පියන්

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ නිවස තුළ සිටීමෙන් හා වෛරසය පිළබඳ වැඩිහිටියන් කතාකරන දේවල් අසා දරුවන් කළබලයට පත්වී ඔවුන්ගේ සිත් තැවුල් විය හැකියි . ඔවුන්ට සන්සුන් හා ආරක්ෂිත හැඟීමක් ඇති කිරීමට, සිදුවෙමින් පවතින දේ ගැන (ඔවුන්ගේ වයස හා තේරුම්ගැනීමේ මට්ටමට අනුව) ඔවුන් සමග ඔබට අවංක සාකච්ඡාවක යෙදිය හැකිය.

  • ඔවුන්ව කාර්යබහුළව තබාගන්න: නිවස තුළම සිටීමෙන් දරුවන්ට කම්මැළිකමක් ඇතිවිය හැකිය. දවස පුරා ඔබේ දරුවාගෙන් “මට කම්මැළියි!” යැයි ඇසීම වළක්වාගැනීමට නම් ඔබේ දරුවාට කාළසටහනක් සකසා දෙන්න. එම කාළසටහනේ ඔබේ දරුවාට කළ හැකි ක්‍රියාකාරකම් ඇතුළත් කරන්න. ඔබේ ගෙවත්තේ එළවළු ඇට සිටවීම පවා මෙයට ඇතුළත් කළ හැකිය.
  • ඔවුන්ට ඇහුම්කන් දී ප්‍රශ්න අසන්න: ඔවුන් වෛරසය ගැන දැනටමත් දන්නා විස්තර ගැන විමසා, ඔවුන්ගේ ප්‍රශ්න වලට ඉවසීමෙන් පිළිතුරු ලබා දෙන්න. ඔවුන් බිය වී සිටින්නේ නම්, ඔවුන් නිවස තුළ සුරක්ෂිත බව පවසා ඔවුන්ව සනසන්න.
  • නිවැරදි සනීපාරක්ෂක ක්‍රම කියාදෙන්න: තම දෑත් සබන් දමා තප්පර විස්සක්වත් හොඳින් සෝදාගැනීම හා කිඹුහුම් යන විට/ කහින විට තම වැළමිටින් හෝ ටිෂු කැබැල්ලකින් වසාගැනීම මෙයට ඇතුළත් ය. භාව්තා කළ ටිෂූ කැබැල්ල එවිටම අහක් කිරීමටත් ඔවුන්ට කියා දිය යුතුයි. හරි වේලාව දක්වා ඔවුන් දෑත් සේදීම තහවුරු කරගැනීමට, ඔවුන් දෑත් සෝදන ගමන් උපන්දින ගීය ගයන මෙන් ඉල්ලා සිටින්න.
  • කාංසාව සහ ආතතිය පිළිබඳ ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින්න: සමහර දරුවන් ඇඳිරි නීතිය හා මෙම වෛරසයට අදාළ තත්වය ගැන කළබලයට පත්වී සිටින්නට පුළුවන්. කාංසාවෙහි ලක්ෂණ නම්, හදිසි කෝලහාලකාරීබව හෝ අධික ලෙස කෝපයට පත්වීම, නොකා සිටීම, තේරුම්කළ නොහැකි හිසේ හා බඩේ කැක්කුම්. මෙලෙස යම් ලක්ෂණයක් ඔබ දුටුවහොත්, කරුණාකර 1999 (සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය) හෝ 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) යන අංක අමතා විශේෂඥ උපදෙස් ලබාගන්න.
  • සෘණාත්මකභාවයෙන් ඔවුන් ආරක්ෂා කරන්න: හැකිතාක් ඔබේ දරුවා ප්‍රවෘත්ති වලින් ඈත්කර තබන්න. ඒ වෙනුවට, අපගේ ධෛර්යවන්ත පෙරටුගාමීන් වන වෛද්‍ය නිළධාරීන් හා සන්නද්ධ හමුදා සෙබළුන් ගැන කතා කියා දෙන්න. එමෙන්ම සුව වූ පුදගල්යින්ගේ ධනාත්මක කතා කියා දෙන්න. හටගෙන තිබෙන්නාවූ තත්වය පිළිබඳව ඔබට දැනෙන කාංසාව සහ ආතතිය දරුවා ඉදිරියේ පෙන්නුම් කිරීමෙන් වළකින්න.

දෙමව්පියන් විසින් මිථ්‍යාවන් හා කරුණු අතර වෙනස හඳුනාගෙන, විශ්වාසවන්ත මාර්ගයන්ගෙන් ලැබෙන්නාවූ තොරතුරු පමණක් බෙදාගත යුතුයි. එවන් සමහරක් පහත දැක්වේ:

COVID-19 වෛරසය හා සම්බන්ධ සියලුම වෛද්‍ය සහ වෙනත් උපදෙස් සඳහා කරුණාකර 1999 අංකය අමතන්න.